ඩිල්ෂාන් අද තරඟයට අවිනිශ්චිතයි.

Monday, 28 January 2013 - 13:28

%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.


 ඕස්ට්‍රේලියානු චාරිකාව ජයග්‍රාහී මුහුණුවරකින් අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අද අවස්ථාවක් උදාවනවා. ඒ මෙල්බර්න් නුවර පැවැත්වෙන දෙවන විස්සයි - විස්ස ජාත්‍යන්තර තරඟයේදියි. පළමු තරඟයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා පිල අද තරඟයෙන් පරාජය වුවද විස්සයි - විස්ස ශ්‍රේණිගතකිරීම්වල පළමු ස්ථානය තවදුරටත් හිමිකරගනු ඇති. පළමු තරඟයේදී තිසර පෙරේරාට ජයග්‍රාහී හයේ පහර දෙක ලබාදුන්  ඕස්ට්‍රේලියානු පන්දු යවන්නා අද තරඟයෙන් ඉවත්කර ඇති අතර ඒ වෙනුවට නවක ක්‍රීඩක ජේම්ස් ෆෝල්ක්නර් එක්වනවා. පළමු තරඟයේදී බවුන්සර් පන්දුවකින් සුළු ආබාධයකට ලක්වූ  ඩිල්ෂාන් අද තරඟයට සහබාගිවනු ඇත්තේ කායික යෝග්‍යතාවය අනුවයි. කණ්ඩායම් දෙකේ තවත් විශේෂත්වයක් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙනවා. එනම්  ඕස්ට්‍රේලියානු පිලේ ක්‍රීඩකයන් තුන්දෙනෙකු පමණක් විස්සයි විස්ස තරඟ 10 කට වැඩියෙන් සහභාගි වී ඇති අතර ශ්‍රී ලංකා පිලේ තරඟ 10 කට අඩුවෙන් ක්‍රීඩා කර ඇත්තේ කුසල් ජනිත් පෙරේරා පමණයි.

\r\n