ජයසූරිය වැඩ භාර ගනී.

Tuesday, 29 January 2013 - 7:49

%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.


ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය ඊයේ (28) පස්වරුවේ වැඩ භාර ගනු ලැබුවා. ඊට අමතරව තේරීම් කමිටුවේ අනෙකුත් සාමාජිකයින් වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, හේමන්ත වික්‍රමරත්න, චමින්ද මෙන්ඩිස් සහ එරික් උපශාන්ත යන අය ද ඊයේ පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනීම සිදුකළා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති සනත් ජයසූරිය කියා සිටියේ ගන්නා සෑම තීරණයක්ම ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් පමණක් ගැනීමට කටයුතු කරන බවයි.

[MP3]s52330[/MP3]