නවසීලන්තයේ පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 221යි.

Saturday, 03 January 2015 - 9:34

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%93+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+221%E0%B6%BA%E0%B7%92.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරඟය අද (03) වෙලින්ටන් හිදී ආරම්භ වුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස නවසීලන්ත පිලට ආරාධනා කළා. අද තරඟය සඳහා දිනේෂ් චන්දිමාල්, රංගන හේරත් සහ නුවන් ප්‍රදීප්  එක්ව සිටිනවා. නවසීලන්ත පිල මුල් ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 221ක් පමණයි. පන්දුයැවීමේදි නුවන් ප්‍රදීප් කඩුලු 4ක් දවාගැනීමට සමත් වූ අතර  සුරංග ලක්මාල් කඩුලු 3ක් දවාගනු ලැබුවා. පන්දුවට පහරදීමේදි නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරනු ලැබුවේ කේන් විලියම්සන්. ඔහු රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 69ක්.