ශ්‍රී ලංකාව හෙට යළිත් නවසීලන්තය මුණ ගැසේ.

Saturday, 24 January 2015 - 13:15

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%9A.
ශ්‍රී ලංකා පිළේ නවසීලන්ත සංචාරයේ තීරණාත්මක තරඟයක් ඩනෙඞීන් හිදී හෙට (25) පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා - නවසීලන්ත 6 වන එක්දින තරඟයයි. තරඟ 7කින් යුත් එක්දින තරගාවලියේ මෙතෙක් පැවති තරඟවලින් ජයග්‍රහණ 3ට එකක් ලෙස නවසීලන්තය ඉදිරියෙන් සිටිනවා. තරගාවලිය සම කිරීමට නම්, ශ්‍රී ලංකාව හෙට පැවැත්වෙන තරඟය මෙන්ම ජනවාරි 29 වන දා වෙලින්ටන් හිදී පැවැත්වෙන 7 වන තරඟයෙන් ද ජයගත යුතුයි. කායික ආබාධයකට ලක්වීම නිසා ශ්‍රී ලංකා පිළේ නායක ඇන්ජලෝ මැතිව්ස් පසුගිය තරඟයට සහභාගි වූයේ නැහැ.

හෙට තරඟයට ද ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ. එසේ වුවහොත් ලහිරු තිරිමාන්න නැවතත් කණ්ඩායම මෙහෙය වනු ලබන අතර ආරම්භක පිතිකරු ලෙස ද කටයුතු කරනු ඇති. මෙතෙක් පැවති තරඟවලදී වැඩිම ලකුණුලාභීන් වන්නේ ලකුණු 295ක් ලබා සිටින තිලකරත්න ඩිල්ශාන් සහ ලකුණු 255ක් රැස් කර ගත් මහේල ජයවර්ධනයි. කෙසේ නමුත්, නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා පිළ තරඟ ජය නොගැනීම පිළිබද විශේෂඥතාවක් ප්‍රගුණ කරන්නේ දැයි ක්‍රික් ඉන්ෆෝ විචාරකයා ප්‍රශ්න කර සිටියා.