සංගක්කාරගෙන් හිටපු ක්‍රීඩා ඇමතිට සහ ක්‍රිකට් ලේකම්ට චෝදනා.

Tuesday, 27 January 2015 - 19:02

%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.
තම කීර්තිනාමය විනාශ කිරීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග සැළසුම් සහගත වැඩ පිළිවෙලක් දියත් කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර චෝදනා කරනවා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ කාල්ටන් බර්නාඞ් වෙත ඊමේල් පණිවුඩයක් නිකුත් කරමින්.

2013 වසරේ චැම්පියන්ස් ලීග් තරඟාවලිය මුල් කරගනිමින් සිදුවූ කරුණු කිහිපයක් සංගක්කාර එහි දක්වා තිබෙනවා. අයි.පී.එල්. තරඟාවලියේදී සංගක්කාර නියෝජනය කළ හයිද්‍රාබාද් කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා පන්දු වාර විස්ස ක්‍රිකට් ශූරයන් වූ ඔහු නියෝජනය කළ කඳුරට කණ්ඩායමද චැම්පියන්ස් ලීග් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිිකට් තේරීම් කමිටුව තමාට හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කිරීමට අවසර ලබාදී තිබුණත් ක්‍රිකට් ලේකම්වරයා සහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා එය වැළැක්වූ බවටයි කුමාර් සංගක්කාර චෝදනා කරන්නේ.

තමා තෝරාගත යුත්තේ මුදල්ද, රටද යන පැනය ක්‍රීඩාලෙීන් හමුවේ තබමින් තමන් වැරදිකරුවෙකු කිරීමට  ඔවුන් උත්සාහ කළ බවට කුමාර් සංගක්කාර අදාළ ඊමේල් පණිවුඩයේ දක්වා තිබෙනවා. ඒ හේතුවෙන් තමන් පසුගිය කාලය පුරා දැඩි මානසික පීඩනයකට හසුවූ බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.