ශ්‍රී ලංකාවට ලකුණු 34 ක ජයක්.

Thursday, 29 January 2015 - 20:04

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+34+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවති අවසන් එක්දින තරඟය ලකුණු 34 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 287ක් රැස් කළා. එහිදී කුමාර සංගක්කාර නොදැවී ලකුණු 113 ක් ලබා ගැනීමට සමත් වුණා. කෙසේ වුවත් නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 45 යි පන්දු 2 ක දී සියලූදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 253 ක් පමණයි. මේ අතර, තරඟ 7 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරඟ 4 ට 2 ක් ලෙස ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.