ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ තරඟය අදයි

Thursday, 26 February 2015 - 7:15

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන තරඟාවලියට අදාළව ශ්‍රී ලංකාව මුහුණදෙන තවත් තරඟයක් අද පැවැත්වෙනවා. ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමඟ  ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදියි. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 9 ට ආරම්භවීමට නියමිතයි.  අද තරඟය කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන  400 වන එක්දින තරඟය වීමද විශේෂත්වයක්. මේ අතර ලෝක කුසලාන තරඟාවලියට අදාළව තවත් එක් තරඟයක් නවසීලන්තයේ ඩන්ඞීන් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. ඒ,  ස්කොට්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතරයි. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ සියලූදෙනා දැවී ලකුණු 210ක් රැස් කරගත්තා.