ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයේ දෙවැනි තැනට

Thursday, 26 February 2015 - 20:07

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%A7
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ බංග්ලාදේශ කණ්ඩායම අතර මෙල්බර්න් හි පැවති තරඟය ලකුණු 92 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (26) සමත් වුණා. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ එක් කඩුල්ලකට ලකුණු 332 ක් රැස්කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 47 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 240 ක් පමණයි. එම තරඟයේදී 400 වැනි එක්දින තරඟයට සහභාගි වූ කුමාර් සංගක්කාර සිය 22 වන එක්දින ශතකය වාර්තා කළ අතර, මෙම තරඟයේදී තම 21 වන ශතකය වාර්තා කිරීමට තිලකරත්න ඩිල්ෂාන් සමත් වුණා. තරඟය ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියේ ඒ කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්වනවා.