සිංහයින්ට 310ක ඉලක්කයක්

Sunday, 01 March 2015 - 7:25

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+310%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
 ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලෝක කුසලාන ඒ කොටසේ තරඟය වෙලින්ටන් නුවරදී දැන් පැවැත්වෙනවා. එහිදී කාසියේ වාසිය දිනූ එංගලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. එංගලන්ත පිල නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 309 ක් ලබාගත්තා. ජෝ රූට් ලකුණු 121 ක් ලබාගත් අතර ඉයන් බෙල් ලකුණු 49 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දු වාර 9 යි පන්දු 4 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 53 ක් ලබා සිටියා.