සුරංග ලක්මාල්ට තරඟ ගාස්තුවෙන් 30% ක දඩයක්

Monday, 02 March 2015 - 8:38

%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%82%E0%B6%9C+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+30%25+%E0%B6%9A+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට තරඟ ගාස්තුවෙන් 30%ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, එංගලන්තය සමඟ ඊයේ පැවැති තරගයේදී පිතිකරුවන් අනතුරට පත් කළ හැකි බීමර් පන්දු දෙකක් එක් පන්දු වාරයක් තුළ යොමු කිරීම හේතුවෙන්. එංගලන්ත ඉනිමේ අවසන් පන්දු වාරය සුරංග ලක්මාල් විසින් ක්‍රියාත්මක කළ අතර එහිදී ජෝ බට්ලර්ට එරෙහිවයි මෙම පන්දු යැවීම සිදුකරනු ලැබුවේ. ඒ අනුව ඔහුව පන්දු යැවීමෙන් ඉවත් කිරීමටද තරගයේ විනිසුරුවරුන් කටයුතු කරනු ලැබුවා.