බංග්ලාදේශය ස්කොට්ලන්තය පරදවයි

Thursday, 05 March 2015 - 11:31

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය අතර පැවැති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් තිබෙනවා. ඒ කඩුළු 6කින් ජයගැනීමත් සමගයි. බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයට අනුව පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායම ප්‍ර වේගකාරී පිතිහරඹයක නිරතවෙමින් නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 318ක් රැස්කර ගැනීමට සමත් වුණා. එහිදී කෙලී කොට්සර් ලකුණු 156ක් ලබාගත්තේ හයේ පහර 4ක් සහ හතරේ පහර 17ක් සමගින්. අනතුරුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන් පන්දුවාර 48යි එක් පන්දුවක් තුළදී කඩුළු 4ක් දැවී ලකුණු 322ක් වාර්තා කිරීමට සමත්වුණා. මෙහි සුවිශේෂී සිදුවීම වන්නේ එක් පිතිකරුවෙකු හැරෙන්නට බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන් සිව්දෙනෙකු අර්ධ ශතක වාර්තා කිරීමයි. තමීම් ඉඛ්බාල් ලකුණු 95ක් ලබාගත් අතර මුහමදුල්ලා ලකුණු 62ක්, මුෂ්ෆික රහීම් ලකුණු 60ක් සහ සකීබ් අල් හසන් ලකුණු  52ක් ලබාගැනීමට සමත් වුණා. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ප්‍රසාද ලකුණු 2ක් හිමිවනවා.