විශ්‍රාම ගැනීමට සූදානමක් නැහැ - දෝනි

Friday, 27 March 2015 - 9:42

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%AF%E0%B7%9D%E0%B6%B1%E0%B7%92
එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තමන් මෙතෙක් තීරණය කර නොමැති බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පවසනවා. ඔහු මේ බව අනාවරණය කළේ ඊයේ (26) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්වයේ ඕස්ට්‍රේලියාව සමග පැවැති තරගය පරාජයට පත්වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දෝනි කියා සිටියේ ලබන වසරේ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසු තමන් තීරණයක් ගන්නා බවයි. දෝනි පසුගිය දෙසැම්බර් මස ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුන්නා.

\r\n