මනිලාල්ට පාපන්දු තහනම්

Tuesday, 31 March 2015 - 8:59

%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ හිටපු විධායක කමිටු සාමාජික සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාව සිටි මනිලාල් ප්‍රනාන්දුට පනවා ඇති ජීවිත කාලීන තහනමට එරෙහි අභියාචනය ක්‍රිඩා බේරුම්කාර අධිකරණය ඊයේ (30) ප්‍රතික්ෂේප කළා. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය 2013 වසරේදී මනිලාල් ප්‍රනාන්දුට එරෙහිව මෙම තහනම පැනවූයේ කටාරයේ පාපන්දු පරිපාලක මොහොමඞ් බින් හමාම් සමඟ සම්බන්ධව කටයුතු කිරීම හේතුවෙන්. ඔහු ජාත්‍යන්තර පාපන්දු පරිපාලනයේ කටයුතුවලට මැදිහත්වීම සඳහා අල්ලස් ලබාදුන් බවට චෝදනා ලැබූ අයෙක්. කෙසේ නමුත්, මනිලාල් ප්‍රනාන්දුට එරෙහිව සෘජුව අල්ලස් චෝදනා ඉදිරිපත් වී නැහැ. මේ අනුව මනිලාල් ප්‍රනාන්දුට පසුගිය 2013 වසරේ මාර්තු 11 වන දා සිට බල පැවැත්වෙන පරිදි පාපන්දු ක්‍රිඩාවට සම්බන්ධ කිසිදු ක්‍රියාකාරකමක නිරතවීමට හැකියාවක් නැහැ.