බොතම්ගේ වාර්තාව ඇන්ඩර්සන් බිඳ හෙලයි

Saturday, 18 April 2015 - 9:29

%E0%B6%B6%E0%B7%9C%E0%B6%AD%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලූ සංඛ්‍යාවක් බිඳ හෙලමින් ජේම්ස් ඇන්ඩර්සන් ඊයේ නව වාර්තාවක් පිහිටවනු ලැබුවා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟයේදී තම 384 වන කඩුල්ල බිද හෙලමින්. ඒ අනුව ඔහු ටෙස්ට් කඩුලූ 383ක් ලබමින් ශ්‍රීමත් ඉයන් බොතම් පිහිට වූ වාර්තාව අභිබවා ගියා. ජේම්ස් ඇන්ඩර්සන් ඊයේ 384 වන කඩුල්ල බිද හෙලූවේ තම 100 වන ටෙස්ට් තරඟයට සහභාගි වෙමින්. 1977 සිට 1992 දක්වා එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ ඉයන් බොතම් ටෙස්ට් කඩුලූ 383ක් බිද හෙලූවේ තරඟ 102කට සහභාගි වෙමින්.