කොදෙව්වන්ට කඩුලූ 5ක ජයක්

Monday, 04 May 2015 - 9:06

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+5%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තුන්වන ටෙස්ට් තරගය කඩුලූ 5 කින් ජය ගැනීමට කොදෙව් පිළ ඊයේ (03) සමත් වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත පිළ සිය පළමු ඉනිම සදහා සියලූ දෙනා දැවී ලකුණු 257ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස කොදෙව්වන් සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 189ක් රැස් කළ අතර, අනතුරුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 123ක් පමණයි. ලකුණු 192ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් කඩුලූ 5කදී ලකුණු 194ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.

මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරඟය ජයපැරදුමකින් තොරව අවසන් වූ අතර, දෙවන ටෙස්ට් තරඟය එංගලන්තය ජයගත් අතර, අවසන් තරඟයේ ජය කොදෙව්වන් වාර්තා කිරීමත් සමග කොදෙව් - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය 1ට 1ක් ලෙස ජය පරාජයකින් තොරව අවසන් වුණා.