සංචාරක නවසීලන්ත පිළ සමඟ ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 124ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය ඊයේ (25) සමත් වුණා. නවසීලන්ත පිළ පළමු ඉනිමේදී ලකුණු 523ක් රැස් කළ ද දෙවන ඉනිමේදී සියලූම ක්‍රීඩකයන් දැවී ලබා ගත්තේ ලකුණු 220ක් පමණයි. එහිදී ස්ටුවට් බ්‍රෝඩ් සහ බෙන් ස්ටෝක්ස් නවසීලන්ත කඩුලූ 3 බැගින් ලබා ගත්තා. එංගලන්තය පළමු ඉනිමේදී ලකුණු 389ක් රැස් කළ අතර දෙවන ඉනිමේදී ලකුණු 478ක් රැස් කළා. මේ අනුව එංගලන්ත - නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ එංගලන්තයයි.