ෆිෆා සභාපති ආ පයින්ම යන්න හදයි

Wednesday, 03 June 2015 - 8:41

%E0%B7%86%E0%B7%92%E0%B7%86%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%86+%E0%B6%B4%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයෙන් සෙප් බ්ලැටර් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට එරෙහිව එල්ලවී ඇති දූෂණ චෝදනා හේතුවෙන්. ජගත් පාපන්දු ක්‍රිඩාවේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ අල්ලස් සහ දුෂණ පිළිබඳව ඇමරිකාව මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 79 හැවිරිදි සෙප් බ්ලැටර් පසුගිය 29 වැනිදා පැවති ෆිෆා කොංග්‍රසයේ ඡන්ද විමසීමේදී යළිත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට පත්වුණා.  

ලෝක කුසලාන පාපන්දු තරග සත්කාරකත්වය ලබාදීම සඳහා ජගත් පාපන්දු බලධාරීන් ඩොලර් මිලියන ගණන් අල්ලස් ලබා ගත් බවට ඇමරිකාව චෝදනා කළා. ඒ සම්බන්ධයෙන් ජගත් පාපන්දු බලධාරීන් 7 දෙනෙකු ස්විට්සර්ලන්තයේදී පසුගියදා අත්අඩංගුවට ගැනුණා. අල්ලස් චෝදනා පිළිබඳ වගකීම භාරගෙන ඉල්ලා අස්වන ලෙස බ්ලැටර්ට විවිධ පාර්ශවයන් වෙතින් බලපෑම් එල්ල වී තිබෙනවා.