දෙවන විස්සයි විස්ස අද

Saturday, 01 August 2015 - 8:41

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%85%E0%B6%AF
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන විස්සයි විස්ස තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (01) පැවැත්වෙනවා. දෙරට අතර පැවැති පළමු විස්සයි විස්ස තරඟය ලකුණු 29කින් ජය ගත්තේ පාකිස්තාන කණ්ඩායමයි.

මේ අතර, අද තරගයේ ආරම්භයට සමගාමීව ජාතික වකුගඩු අරමුදලේ ප්‍රවර්ධන සන්නාම තානාපතිවරුන් ලෙස මුත්තයියා මුරලිදරන් සහ තිලකරත්න ඩිල්ශාන් පත් කෙරෙන බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළා.