හිටපු නායක සංගක්කාර ක්‍රිකට් මන්ත්ලි සඟරාවට කතා කරයි

Monday, 03 August 2015 - 19:59

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B6%9F%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අන්තර් වාර සමයකට මුහුණ දෙන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අන්තර් සමාජ තරගාවලි පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව හිටපු නායක කුමාර් සංගක්කාර පවසනවා. කීර්තිමත් ක්‍රිකට් මන්ත්ලි සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සංගක්කාර කියා සිටියේ ශ්‍රී ලංකා පිළේ යොවුන් ක්‍රීඩකයන් ජාත්‍යන්තර මට්ටමේදී අසාර්ථකවීමට ක්‍රීඩා සමාජ තරගාවලි බිඳ වැටීම හේතු වී ඇති බවයි. මීට වසර 17කට පෙර තමා ක්‍රිකට් පිටියට පිවිසෙද්දී ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලි ඉහළ මට්ටමකින් පැවති බව සංගක්කාරගේ අදහසයි. මේ නිසා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔබ්බට ගොස් අන්තර් සමාජ තරගාවලි නැවතත් ඉහළ තරඟකාරීත්වයකට පත් කළ යුතු බව ඔහු කියා සිටියා.