ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර කොළඹ එස්.එස්.සී. ක්රීඩාංගණයේ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වන අද, දිනය නිමා වන විට, දෙවන ඉනිමේ පන්දුවට පහර දෙන ඉන්දීය පිළ, කඩුලූ 3ක් දැවී ලකුණු 21ක් ලබා සිටියා. ඉන්දියාව පළමු ඉනිම සඳහා ලකුණු 312ක් රැස් කළ අතර, ශ්රී ලංකා පිළට මුල් ඉනිම සඳහා ලබා ගත හැකි වූයේ ලකුණු 201ක් පමණයි. එහිදී සිය මංගල ටෙස්ට් තරඟයට සහභාගි වන කුසල් ජනිත් පෙරේරා ලකුණු 55ක් රැස් කිරීමට සමත් වුණා. රංගන හේරත් 49යි. ඉෂාන්ට් ශර්මා ලකුණු 54කට කඩුලූ 5ක් බිද හෙලූවා. ඉන්දියාව මේ වන විට දෙවන ඉනිමේ කඩුලූ 7ක් අතැතිව ලකුණු 132ක් ඉදිරියෙන් සිටිනවා.