දකුණු අප්‍රිකානුවන් හමුවේ ඉන්දියානුවන්ට තවත් පරාජයක්

Monday, 12 October 2015 - 9:36

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සත්කාරක ඉන්දියාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (11) සමත් වුණා. තරගය පැවැත් වුනේ කාන්පූර් හි ග්‍රීන්පාක් ක්‍රීඩාපිටියේදීයි. තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීමටයි. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානුවන් නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුළු  5ක් දැවී ලකුණු 303ක් රැස්කර ගැනීමට සමත් වුණා. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ඒ.බී. ඩිවිලියර්ස් පන්දු 73කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 104ක් රැස්කර ගත්තා.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු පුවරුව

\"\"

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පැමිණි ඉන්දියානු කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 7ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 298ක් පමණයි. ඒ අනුව තරග 5කින් සමන්විත මෙම එක්දින තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට දකඅණු අප්‍රිකාව සමත් වුණා.

ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව

 \"\"

මෙම තරගයේ විශේෂ අවස්ථා සහිත වීඩියෝව පහතින් නරඹන්න...

\r\n
 
\r\n\r\n
\r\n
\r\n
India vs South Africa 2015_ 1st ODI, Highlights\r\n

India vs South Africa 2015_ 1st ODI, Highlights

\r\nPosted by Latest Cricket Highlights on Sunday, October 11, 2015
\r\n
\r\n
\r\n

\"\"

\"\"

\"\"

\"\"