එංගලන්ත පාකිස්ථාන පළමු ටෙස්ට් තරඟය අද

Tuesday, 13 October 2015 - 13:06

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
සංචාරක එංගලන්ත පිල සහ පාකිස්ථානය අතර ප්‍රථම ටෙස්ට් තරඟය අබුඩාබි හිදී අද ආරම්භ වනවා. එංගලන්තය මෙම තරඟාවලියට මුහුණ දෙන්නේ අයි.සී.සී. ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ අංක එකේ කණ්ඩායම ලෙසයි. කෙසේ නමුත් පාකිස්ථානය අබුඩාබියේ ෂෙයික් සෙයිඞ් ක්‍රීඩාංගණයේ දී සහභාගි වූ පසුගිය ටෙස්ට් තරඟ 7 දීම අපරාජිතව සිටීම විශේෂත්වයක්. 2010 වසරේ නොවැම්බර් මාසයේදී මෙම ක්‍රීඩාංගණය ටෙස්ට් තරඟ සඳහා නිරාවරණය කෙරුණු අතර, පාකිස්ථානය එහි පැවති ටෙස්ට් තරඟ 4 කින් ජයගෙන 3 ක් ජය පැරදුමකින් තොරව අවසන් කර තිබෙනවා. එංගලන්ත පිල සමඟ එහි පිතිකරණ පුහුණුකරුවෙකු ලෙස මහේල ජයවර්ධනද අබුඩාබි නුවරට ඊයේ පැමිණි බව එහි සිටින හිරු විශේෂ වාර්තාකරු සඳහන් කළා.