එංගලන්තයට තියුණු ජයක්

Tuesday, 01 December 2015 - 8:51

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පාකිස්තානය සමඟ ඊයේ පැවැති 3 වන විස්සයි විස්ස තරඟයෙන් ද තියුණු ජයක් ලැබීමට එංගලන්තය සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය කඩුලූ 8ක් දැවී ලකුණු 154ක් රැස් කළ අතර, පාකිස්තාන පිළ ද සිය පන්දු වාර 20 තුළ දී කඩුලූ 7ක් දැවී ලකුණු 154ක් රැස් කලා.

මේ අනුව තරගයේ ජය තීරණය වූයේ එංගලන්තයට ජය ගෙන දුන් සුපිරි පන්දු වාරයෙන්. ඊයේ ලද ජයග්‍රහණයත් සමඟ පාකිස්තානය සමඟ පැවැති විස්සයි විස්ස තරගාවලියේ ජය තුනට බින්දුවක් ලෙස හිමි වන්නේ එංගලන්තයටයි.