දෝනිට ඉංගී‍්‍රසි වූ තණතිල්ලේ අදත් ඉල්ලන් කයිද ?

Friday, 12 February 2016 - 8:04

%E0%B6%AF%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%A7+%E0%B6%89%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%AB%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%AF+%3F
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය ඉන්දියාවේ ජාර්කාන්ද් ප්‍රාන්තයේ රංචි හිදී අද (12) පැවැත්වෙනවා. පළමු විස්සයි විස්ස තරඟයෙන් දරුණු පරාජයකට ලක්වු ඉන්දීය පිල මෙම තරඟය සඳහා වේග පන්දු යවන්නන්ට අවාසිදායක තණතිල්ලක් සකසනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

පළමු විස්සයි විස්ස තරඟයේදී ශ්‍රී ලංකා පිලේ නවක වේග පන්දු යවන්නන් වූ කසුන් රාජිත සහ දසුන් ශානක ප්‍රබල ඉන්දීය පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවාලීමට සමත් වුණා. එම තරඟය පැවැත්වුණු පූනේ ක්‍රීඩා පිටිය ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි හඳුන්වා ඇත්තේ ඉංගී‍්‍රසි තණතිල්ලක් ලෙසයි.

එංගලන්තය,  ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ආදී රටවල් වේග පන්දු යවන්නන්ට හිතකර තණතිලි සැකසීම සාමාන්‍ය සම්ප්‍රදායයි. කෙසේ නමුත්, ශ්‍රී ලංකා පිල දෙවන විස්සයි විස්ස තරඟය ජයග්‍රහණයකර තරඟාවලිය ජයගැනීමට උත්සාහ කරනු ඇතැයි ක්‍රීඩා විචාරකයන් සඳහන් කළා.

දෙවන විස්සයි විස්ස තරඟය සඳහා ශ්‍රී ලංකා පිලට තිලකරත්න ඩිල්ෂාන්ද එක්වීමට නියමිතයි.