ශ්‍රී ලංකා යොවුන් පිල 214 යි

Saturday, 13 February 2016 - 13:02

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+214+%E0%B6%BA%E0%B7%92
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ 3 වන ස්ථානය සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය ෆටුල්ලා නුවර හිදී අද (13) පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවාර 48 යි පන්දුව 5 කදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සියලූ ක්‍රීඩකයන් දැවී ලකුණු 214 ක් රැස් කිරීමට සමත් වුණා.

චරිත් අසලංක ලකුණු 76 ක් ලබා ගත් අතර, සලිඳු උෂාන් ලකුණු 34 ක් ද, වනිඳු හසරංග ලකුණු 30 ක් ද රැස් කළා.

බංග්ලාදේශය වෙනුවෙන් මෙහිදි හසන් ලකුණු 28 කට කඩුලූ 3 ක් බිඳ හෙලූවා.

ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ යොවුන් පිලට ලැබී ඇත්තේ ලකුණු 215 ක ඉලක්කයක්.