පූනේ පිලට ජය

Friday, 06 May 2016 - 7:24

%E0%B6%B4%E0%B7%96%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ (05) පැවති තරගයකදී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම කඩුලූ 7 කින් පැරදවීමට රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 162 ක් රැස් කළා.

පිළිතුරු වශයෙන් පූනේ පිල පන්දුවාර 19 යි පන්දුවකදී කඩුලූ 3 ක් දැවී ලකුණු 166 ක් ලබමින් තරගයේ ජය හිමිකර ගත්තා.

අජින්ක්‍යා රහානේ නොදැවී ලකුණු 63 ක් රැස් කළ අතර, 19 වන පන්දුවාරයේ පළමු පන්දුවෙන් නායක මහේන්ද්‍රසිං දෝනි දැවී යාමෙන් පසු තිසර පෙරේරා 6 පහර දෙකක් එල්ල කරමින් පූනේ පිල ජයග්‍රහණය ආසන්නයට රැගෙන ගියා.

20 වන පන්දුවාරයේ පළමු පන්දුවේදී රහානේගේ 4 පහරකින් පූනේ ජය තහවුරු වුණා.