පකිස්ථාන ක්‍රීඩකයකුගෙන් තේරීම් කමිටුවට චෝදනාවක්

Friday, 01 July 2016 - 7:18

%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
තමාගේ දක්ෂතා පිළිබඳ තේරීම් කමිටුව විශ්වාස නොකිරීම හේතුවෙන් එංගලන්ත සංචාරයෙන් ඉවත්කර ඇතැයි පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක උමාර් ගුල් චෝදනා කරනවා.

මෙවැනි විවිධ අර්බුධ හේතුවෙන් සංචිතයෙන් ඉවත් කල ද තමාට දේශීය තරගවල තවදුරටත් රැඳී සිටින ලෙසට තේරීම් කමිටුව දන්වා ඇති බවයි උමාර් ගුල් ප්‍රකාශකර ඇත්තේ.

ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පකිස්ථාන වේග පන්දු යවන්නා තේරීම් කමිටුවේ තීරණ පිළිබඳ දැඩිව විවේචනය කර ඇති බවයි වාර්තා වන්නේ.

එංගලන්ත සංචාරයෙන් ඉවත්කර ඇති 32 හැවිරිදි උමාර් ගුල් ඇබොටාබාද් සහ ලාහෝර්වල පැවැත්වෙන ජාතික පුහුණු සංචිත සඳහා ද නම්කර නැහැ.

2013 සහ 2014 වසරවල දණහිසේ ආබාධයක් හේතුවෙන් තරග සංචිතයන්ට නම් නොකෙරුනු වේග පන්දු යවන්නාට අනතුරුව පැවති ජාත්‍යන්තර තරග රැසක් අහිමිවී තිබෙනවා.

ඔහු අවසන්වරට ජාත්‍යන්තර තරගයකට නම් කෙරුනේ පසුගිය ජනවාරි මාසයේ පැවති නවසීලන්ත සංචාරයේ දෙවන 20යි 20 තරගයට පමණයි.

තමා සංචිතයන්ට නම් නොකෙරුන ද අනෙක් ක්‍රීඩකයන්ට සලකන ආකාරයෙන් තමාට ද සැලකිල්ලක් දැක්විය යුතු බවයි උමාර් ගුල් ප්‍රකාශකර ඇත්තේ.