ලක් මවට තායිලන්තයේදී තවත් රන් පදක්කම් දෙකක්

Tuesday, 05 July 2016 - 12:04

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93++%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A++%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
තායිලන්ත පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ මීටර් 1500 කාන්තා සහ පිරිමි ධාවන ඉසව්වලින්.

මීටර් 1500 කාන්තා තරග ඉසව්වෙන් රන් පදක්කම හිමිකර ගත්තේ  ගයන්තිකා අබේරත්න.   

සජීව ලක්මාල් මිටර් 1500 පිරිමි ඉසව්වෙන් රන් පදක්කම හිමි කරගත්තා.

ඊට අමතරව එක් රිදී පදක්කම් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුණා.

දකුණු ආසියාවේ හොදම තරග නිමි කාලය හිමිකරගෙන සිටි  රුමේෂිකා රත්නායකට මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේදී හිමිවූණේ  ලෝකඩ පදක්කමයි.