යුරෝ - 2016 අවසන් මහා තරගය අද

Sunday, 10 July 2016 - 12:28

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D+-+2016+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
යූරෝ - 2016, යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය ප්‍රංශයේ පැරිස් නුවරදී අද (10) පැවැත්වෙනවා.

එහිදී තරග වදින්නේ සත්කාර ප්‍රංශ කණ්ඩායම සහ පෘතුගාලයයි.

ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ නායක හියුගෝ ලෝරිස් කියා සිටියේ යුරෝ - 2016 පාපන්දු තරගාවලිය පැරිසියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් නික්මීමට හේතු වූ බවයි.

මීට මාස 8 කට පෙර පැරිසියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී මුලින්ම පිපිරීම් හඩ ඇසෙනු ස්ටේඩ් ඞී ෆ‍්‍රාන්ස් පාපන්දු පිටියේදී අද මෙම තරගය පැවැත්වෙනවා.

ප්‍රංශය ලෝක ශූර ජර්මනිය පරදවා අවසන් තරගයට පිවිසි අතර, ඔවුන් 2000 වසරෙන් පසු ප්‍රධාන පෙලේ පාපන්දු තරගාවලියක් ජයග්‍රහණය කර නැහැ.

පෘතුගාලය මෙතෙක් යුරෝපා පාපන්දු ශූරතාව ජයග්‍රහණය කර නොමැති අතර, ලිස්බන් නුවර පැවති යුරෝ - 2004 අවසන් මහා තරගයේදී ඔවුන් ග්‍රීසිය අතින් පරාජයට පත්වුණා.