ඉන්දියාව ඉදිරියෙන්

Sunday, 24 July 2016 - 12:33

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
සංචාරක ඉන්දීය පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වූ ඊයේ (23) තරඟය නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් පිල සිය දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 21 ක් ලබා සිටියා.

ඉන්දියාව මුල් ඉනිම සඳහා කඩුලූ 8 ක් දැවී ලකුණු 566 ක් රැස් කළ අතර, විරාට් කෝලි ලකුණු 200 ක්ද, රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 213 ක් ද ලබාගත්තා.

කොදෙව් පිල මුල් ඉනිමේදී ලබාගත්තේ ලකුණු 243 ක් පමණයි.

ඉන් පසු ඉන්දියාව, කොදෙව් පිලට නැවත පන්දුවට පහරදෙන ලෙස ආරාධනා කළ අතර, ඔවුන් මේ වනවිට කඩුලු 9 ක් අතැතිව සිටින්නේ ඉන්දියාවට වඩා ලකුණු 302 ක් පිටුපසින්.