ඕස්ට්‍රේලියාව 146 / 6

Wednesday, 27 July 2016 - 12:50

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+146+%2F+6
පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා -  ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය (27) අදයි.

තරඟයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන  ඕස්ට්‍රේලියානු කණ්ඩායම දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට කඩුලූ 6 ක් දැවී ලකුණු 146 ක් රැස් කරගෙන සිටියා.

තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලක්ෂාන් සදකැන් අද තම කුළුඳුල් ටෙස්ට් කඩුල්ල ලබා ගත්තේ මිෂෙල් මාර්ෂ් දවා ගනිමින්.

රංගන හේරත් ලකුණු 35 කට කඩුලූ 4 ක් බිද හෙලූවා.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලූම ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 117 ක් පමණයි.

ඒ අනුව,  ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා කඩුලූ 4 ක් අතැතිව ලකුණු 29 ක් ඉදිරියෙන් සිටිනවා.