ශ්‍රී ලංකාව 353 යි

Friday, 29 July 2016 - 13:44

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+353+%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ 4 වන දිනය වන අද ශ්‍රී ලංකා පිල දෙවන ඉනිම සදහා ලකුණු 353 කට දැවී ගියා.

කුසල් මෙන්ඩිස් අද දිනයේදී ලකුණු 176 කට දැවී ගිය අතර මිචෙල් ස්ටාක් ලකුණු 84 කට කඩුලූ 4 ක් බිද හෙලූවා.

ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලකුණු 117 කට දැවී ගිය අතර  ඕස්ට්‍රේලියාව මුල් ඉනිම සදහා ලබා ගත්තේ ලකුණු 203 ක් පමණයි.

මේ අනුව,  ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය සදහා හිමිවී ඇත්තේ ලකුණු 268 ක ඉලක්කයක්.