නුවන් ප්‍රදීප් එක්දින තරගාවලියෙන් ඉවතට

Tuesday, 23 August 2016 - 14:23

%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
පුහුණුවීමේ කටයුතුවලදී කායික ආබාධයකට ලක්වීම නිසා ශ්‍රී ලංකා පිළේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ප්‍රනාන්දුට  ඕස්ට්‍රේලියානු එක්දින තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී තිබෙනවා.

ඔහු වෙනුවට තවත් නවක ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ පෙරේරා කැදවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත්තේ.

ඇන්ජලෝ පෙරේරා ශ්‍රී ලංකා ඒ පිළ නියෝජනය කරමින් එංගලන්තයේ සංචාරය කළ අතර තරඟ 4කදී ලකුණු 169ක් රැස් කළා.

නුවන් ප්‍රදීප් කණ්ඩායමට අහිමි වීම ශ්‍රී ලංකා පිළේ පන්දු යැවීමේ බල ඇණිය දුර්වලවීමට හේතුවිය හැකියි.

ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර දෙවන එක්දින තරඟය හෙට පැවැත්වීමට නියමිතයි.