දඹුලු ක්‍රීඩාංගනයේ ගස් කපයි

Wednesday, 31 August 2016 - 12:45

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව අතර  ඕස්ට්‍රේලියාව අතර සිව්වන එක්දින තරඟය දිවා රාත්‍රී තරඟයක් ලෙස දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (31) ආරම්භ වීමට නියමිතයි.

තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙකට එකක් ලෙස  ඕස්ට්‍රේලියාව ඉදිරියෙන් පසුවීම හේතුවෙන් මෙම තරඟය දෙරටටම වැදගත් බවයි ක්‍රිකට් විස්තර විචාරකයන් සඳහන් කළේ.

මේ අතර අද තරඟය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යොදවා ඇති අතර ක්‍රීඩාංගනය තුල අතිරික්ත ප්‍රේක්ෂක සංඛ්‍යාවකට පහසුකම් සලකා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ඉරිදා පැවති තුන්වන එක්දින තරඟයේදී දඹුල්ල ක්‍රීඩාංගනයේ ඇතුළත් කළ හැකි සංඛ්‍යාවද ඉක්මවා ප්‍රේක්ෂක සහභාගිත්වයක් පැවති හෙයින් මෙම තරඟයේදීද 18,000 ඉක්මවූ ක්‍රීඩාලෝලීන් පිරිසක් බලාපොරොත්තු වන බවයි ක්‍රිකට් බලධාරීන් සඳහන් කළේ.

තරඟ නැරඹීමේදී ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙර තරඟයේදී ඇතැම් පිරිස් ලැගුම්ගෙන සිටි විශාල ප්‍රමාණයේ ගසක් ඊයේ දිනයේදී ඉවත් කර තිබෙනවා.