පාකිස්ථානය ගැන අයි.සී.සී.ය දුකෙන්

Wednesday, 21 September 2016 - 19:02

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ආරක්ෂක තත්ත්වය හේතුවෙන් පාකිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණදී ඇති අභියෝග පිළිබඳව තමන් කණගාටුවට පත්වන බව අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් පවසනවා.

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගෙන එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්ථානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පැවැත්වුණේ නැහැ.

පසුගිය වසරේදී සිම්බාබ්වේ කණ්ඩායම එරට තරඟ සංචාරයකට පැමිණියත්  එහිදීද බෝම්බ පිපිරීමක් නිසා ගැටළුකාරී තත්ත්වයක් මතුවුණා.