සිම්බාබ්වේ චාරිකාවේ දින නියම වේ

Sunday, 25 September 2016 - 13:50

%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%9A
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සිම්බාබ්වේ චාරිකාව ඔක්තෝම්බර් 25 වනදා ආරම්භ වනවා.

ශ්‍රී ලංකා සහ සිම්බාබ්බේ අතර එහිදී ටෙස්ට් තරඟ දෙකක් පැවැත්වෙන අතර, බටහිර ඉන්දීය කොදෙව්පිල ද ඇතුළත්ව එක්දින තරඟාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ටෙස්ට් තරඟ දෙක හරාරේ නුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, තුන්කොන් එක්දින තරඟාවලියේ තරඟ 5 ක් බුලවායෝ නුවරදී පැවැත්වෙනු ඇති.

පළමු ටෙස්ට් තරඟය ඔක්තෝම්බර් 29 වනදා සිට නොවැම්බර් 2 වනදා දක්වා පැවැත්වෙන අතර දෙවන තරඟය ආරම්භ වන්නේ නොවැම්බර් 10 වනදායි.

ශ්‍රී ලංකා පිලේ සිම්බාබ්වේ චාරිකාව මුලින් සැලසුම් කර තිබුණේ ටෙස්ට් තරඟ දෙකක් , එක්දින තරඟ 3 ක් සහ විස්සයි විස්ස තරඟ 2 ක් ලෙසයි.

පසුව, එක්දින තරඟාවලිය වෙනුවට තුන්කොන් තරඟාවලියක් පැවැත්වීමට සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළා.