ඉන්දු - පාකිස්තාන කාන්තා ක්‍රිකට් තරගාවලිය නොපැවැත්වෙන ලකුණු

Tuesday, 18 October 2016 - 13:38

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ඉන්දියාව සහ පාකිස්තානය අතර කාන්තා ක්‍රිකට් තරගාවලිය අවිනිශ්චිත වී ඇති බව වාර්තා වනවා.

අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතාවලියට අදාළ මෙම තරගාවලිය ඔක්තෝම්බර් මස අවසානයට පෙර පැවැත්විය යුතුයි.

කෙසේ නමුත්, ඒ සඳහා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය මැයි මාසයේදී යොමු කළ ආරාධනයට ඉන්දියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

තරගාවලියට ඉන්දියාව සහභාගි නොවන්නේ නම් ඔවුන්ට ලැබෙන ප්‍රසාද ලකුණු 6ත් කපා හැරිය යුතු බව පාකිස්තානය ප්‍රකාශ කරනවා.

කෙසේ නමුත්, ICC ප්‍රකාශයෙකු සදහන් කර ඇත්තේ ඒ පිළිබදව තීරණය කිරීම තාක්ෂණික කමිටුවට පවරන බවයි.

2017 වසරේ එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඍජුව සුදුසුකම් ලබන්නේ ද්වි පාර්ශවික තරගවලින් වැඩිම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් 4යි.