සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළ නිමවෙයි

Wednesday, 19 October 2016 - 8:23

%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B6%BD%E0%B7%99%E0%B7%85+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
32වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළ ඊයේ නිමාවට පත්වුනා.

මහනුවර -බෝගම්බර ක්‍රීඩාංගණයේදී දින 5 ක් පුරා ක්‍රීඩා උළෙලේ අවසන් අදියර යටතේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත බාලක ශූරතාව දිනා ගත්තේ මීගමුව
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයයි.

ඔවුන් ප්‍රසාද ලකුණු 100 කට හිමිකම් කීවා.

ප්‍රසාද ලකුණු 150 ක් සමගින් සමස්ත බාලිකා ශූරතාව දිනා ගන්නට වලල - ඒ.රත්නායක මධ්‍ය මහා විද්‍යාලය සමත් වුණා.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේ මීරිගම ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ තුන් පිම්ම ක්‍රිඩක චමල් කුමාරසිරි.

බාලිකා තුන් පිම්ම ඉසව්වට සහභාගී වූ වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ හසිනි ප්‍රබෝධා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවා.

මෙවරත් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ ශූරතාව බස්නාහිර පළාතට හිමි වෙද්දී අනු ශූරතාව දිනා ගත්තේ මධ්‍යම පළාතයි.