ඉන්දියාවට ජය

Monday, 24 October 2016 - 9:30

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
නවසීලන්තය සමඟ පැවති තුන්වන එක්දින තරඟයෙන් කඩුලු හතක ජයක්  වාර්තා කිරීමට ඉන්දියාව ඊයේ සමත්වුණා.

ඒ අනුව තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලිය දෙකට එකක් ලෙස මේ වනවිට ඉදිරියෙන් පසුවන්නේ ඉන්දියාවයි.  

ඊයේ පැවති තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ සියලුම ක්‍රීඩකයන් දැවී ලකුණු  285ක් රැස් කළා.  

ඉන්දියානු කණ්ඩායම එම ඉලක්කය පසුකර ගියේ කඩුලු  තුනක් පමණක් දැවී තිබියදියි.

එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාට් කෝලි ලකුණු 154 ක් සහ නායක මහේන්ද්‍ර සිං දෝණි ලකුණු 80 ක් රැස් කළා.



\"\" \"\"