බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ජය

Monday, 24 October 2016 - 13:06

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
බංග්ලාදේශය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 22 කින් ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්වුනා.

චිතගොන්හිදී පැවති තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය සියලුදෙනා දැවී ලකුණු 293 ක් රැස් කලා.

බංග්ලාදේශ පළමු ඉනිම 248 කට සීමා වුනා.

එංගලන්ත දෙවන ඉනිම ලකුණු 240 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත්වු අතර ඒ අනුව තරගය ජය ගැනීමට බංග්ලාදේශයට හිමිවු ඉලක්කය ලකුණු 286 ක්.

කෙසේවෙතත් එම ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය බංග්ලාදේශයට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 263 ක් පමණයි.

මේ අනුව තරග දෙකකින් සමන්විත එංගලන්ත බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය 1 ට බින්දුවක් ලෙස එංගලන්තය ඉදිරියෙන් පසුවනවා.

තරගයේ වීරයා සම්මානය බංග්ලාදේශයට දැඩි බලපෑමක් එල්ලකල එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටොක්ට හිමිවුනා.

ඔහු බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 4 ක් සහ දෙවන ඉනිමේ කඩුලු 2 ක් බිඳහෙලුවා.

එමෙන්ම එංගලන්ත දෙවන ඉනිමේ ලකුණු රැස් කිරීමට වඩාත් ශක්තියක් වු ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 85 ක්.

සංචාරක එංගලන්තය සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන සිකුරාදා ඩකාහිදී ආරම්භ වීමට නියමිතයි.

තරගය පරාජයට පත්වන අවස්ථාවේ නොදැවී ලකුණු 64 ක් ලබා ක්‍රීඩා කරමින් සිටි සබීර් රහ්මාන් මෙම පරාජය හේතුවෙන් දැඩි කණගාටුවකට පත්වුනා.

එම අවස්ථාවේ පැමිණි එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් සබීර් රහ්මාන්ගේ ශෝකය සංසිඳවන ආකාරය කැමරාවක මෙලෙස සටහන් වී තිබුනා.

\"\"
\"\" \"\" \"\" \"\"