කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රමාද වුණේ කෑදරකම නිසා නොවේ

Tuesday, 25 October 2016 - 8:22

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%91%E0%B6%AF%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A
ක්‍රීඩක කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රමාද වූයේ ක්‍රීඩකයන්ට මුදල්වලට තිඛෙන කෑදරකමක් නිසා නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පුහුණුවීම් කටයුතු හේතුවෙන් එම ප්‍රමාදය සිදුවූ බවයි.

2013 වසරේ සිට ක්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් ගාස්තු අඩුකිරීම සිදුවුවූත් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ඒ කිසිවිටකත් ගැටළුවක් කර නොගත් බවයි ඇන්ජලෝ මැතිව්ස් එහිදී සඳහන් කළේ.