මැතිව්ස්, චන්දිමාල් දකුණු අප්‍රිකානු සංචාරයට

Friday, 02 December 2016 - 7:39

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%2C+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
දකුණු අප්‍රිකානු සංචාරය සදහා තමන් කායික යෝග්‍යතාවයකින් යුක්ත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නායක ඇන්ජිලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාම පසුගිය සිම්බාබ්වේ චාරිකාව සදහා සහභාගි නොවූයේ කායික ආබාධවලට ලක්වීම හේතුවෙන්.

ඒ අනුව, එම සංචාරයේදී ටෙස්ට් කණ්ඩායම රංගන හේරත් විසින් මෙහෙයවූ අතර, එක්දින කණ්ඩායම මෙහෙයවනු ලැබූයේ උපුල් තරංග විසින්.

ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු චාරිකාව මේ මස මැදභාගයේදී ආරම්භ වන අතර, පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වනදා එනම් බොක්සිං දිනයේ, පෝට් - එලිසබෙත් හි දී ආරම්භ වීමට නියමිතයි.