ටයිටන්ස්ට ජය

Monday, 05 December 2016 - 8:22

%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඩකා ඩයිනමයිට් කණ්ඩායමට එරෙහිව පැවති මුලික වටයේ අවසන් තරගයෙන් කුහුල්නා ටයිටන්ස් කණ්ඩායම කඩුලු 06 ක් ජයක් ඊයේ වාර්තා කළා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඩකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 158ක්.

ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 18 ක් අවසානයේ කඩුලු 04ක් බිද වැටී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.  

තරගාවලියේ අර්ධ අවසන් පුර්ව තරග හෙට ආරම්භ වන අතර, පළමු තරඟය මීර්පුර් හිදී පැවැත්වෙන්නේ ද මෙම කණ්ඩායම් දෙක අතරයි.

දෙවන අර්ධ අවසන් පූර්ව තරඟය එදිනම චිතගෝන්ග් වයිකින්ස් සහ රජාස්ථානි කින්ග්ස් අතර පැවැත්වෙනවා.  

ඊයේ පැවති තරගයේ ඩකා ඩයිනමයිට් කණ්ඩායමේ  Mehedi Maruf විසින් රැකගත් උඩපන්දුව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් උනා.

එම වීඩියෝව පහතින් නරඹන්න.