ඩයිනමයිට්ස් ජය ලබයි

Wednesday, 07 December 2016 - 8:02

%E0%B6%A9%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (06) පැවති සුදුසුකම් ලැබීමේ අවසන් තරගයේදී කුල්නා ටයිටන්ස් පිල පරදවා ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම ලකුණු 54 ක ජයක් වාර්තා කළා.

ඩකා පිල වෙනුවෙන් කොදෙව් ක්‍රීඩක Andre Russel ලකුණු 46 ක් ලබා ගත් අතර ඩකා ඩයිනමයිට්ස් පිල සිය පන්දුවාර 20 තුළදී කඩුලු 8 කට ලකුණු 140 ක් රැස් කළා.

කුල්නා ටයිටන්ස් පිල ට පන්දුවාර 16 යි පන්දු 2 කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 86 ක් පමණයි.

Andre Russel ලකුණු 16 ට කඩුලු 3 යි.

තරගයේ වීරයා ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ Andre Russell

මේ අනුව, ඩකා ඩයිනමයිට්ස් පිල මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබනවා.

තරගයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.




\"\" \"\"