පකිස්ථානය සමග පැවැත්වීමට නියමිතව තිබු 20 යි 20 තරග දෙකක් සඳහා වන සංචාරයකට එක්වීම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ ආරක්ෂක හේතුන් මතයි.
ලබන මාර්තු මස මැද භාගයේදීයි මෙම තරග පැවැත්වීමට සැලසුම් කර තිබුනේ.
කෙසේවෙතත් පකිස්ථානයේ පවතින ආරක්ෂක අවධානම මත එම තරග සංචාරයට එක් නොවන බවයි කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශකර ඇත්තේ.
මෙම සංචාරය අවලංගු කෙරුන ද මාර්තු 19 සහ 20 වනදා ෆ්ලොරිඩාහිදී පැවැත්වෙන 20 යි 20 තරග දෙකට සහභාගී වීම පිළිබඳ දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල බලධාරීන් සාකච්ඡා කරමින් පවතින බව සඳහන්.
පකිස්ථානයේ ඇරයුමක් මත කොදෙව් කණ්ඩායම මෙම සංචාරයට එක්වීමට සැලසුම් කර තිබුනා.
ඊට පෙර ඔවුන් පකිස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් විමසීමක් කර තිබු බව සඳහන්.
ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර ඇත්තේ පකිස්ථානයේ ආරක්ෂාව තවමත් අවධානම් මට්ටමේ පවතින බවයි.
එම නිවේදනය ද සැලකිල්ලට ගනිමිනුයි කොදෙව් කණ්ඩායම පකිස්ථාන සංචාරය අවලංගු කර ඇත්තේ.