ශකීබ් අල් හසන්ගෙන් ද්විත්ව ශතකයක්

Friday, 13 January 2017 - 12:51

%E0%B7%81%E0%B6%9A%E0%B7%93%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සංචාරක බංග්ලාදේශ පිල සහ නවසීලන්තය අතර, වෙලින්ටන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද (13) බංග්ලාදේශ ක්‍රීඩක ශකිබ් අල් හසන් ද්විත්ව ශතකයක් රැස් කර ගැනීමට සමත් වුණා.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස බංග්ලාදේශයට ඇරයුම් කළා.

අද තරගයේ දෙවන දිනය අවසානයේදී බංග්ලාදේශය සිය මුල් ඉනිම සදහා කඩුලූ 7 ක් දැවී ලකුණු 542 ක් රැස් කරගෙන සිටියා.

ශකීබ් අල් හසන් එහිදී ලකුණු 217 ක් රැස් කරගත් අතර, මුෂ්ෆිකීර් රහීම් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 159 ක්.

ඔවුන් දෙදෙනා පස්වන කඩුල්ල සදහා ලකුණු 359 ක් රැස් කර ගත්තා.