ඉන්දියාවට කඩුලු 3ක එක් දින ජයක්

Monday, 16 January 2017 - 8:06

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94++3%E0%B6%9A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති පළමු තරඟයෙන් කඩුලු  තුනක ජයක් ලැබීමට ඉන්දියාව සමත් වුණා.

කාසියේ වාසිය දිනු ඉන්දිය නායක විරාට් කෝලි පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්තයට ලබා දුන්නා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් බිද වැටී රැස් කළ ලකුණු සංඛ්‍යාව 350 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දිය කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 1ක් අවසානයේ දි කඩුලූ 7කට ලකුණූ 356 ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළා.  

ඉන්දීයකණ්ඩායමේ Virat Kohli සහ Kedar Jadhav ශතක රැස් කිරීම විශේෂත්වයක්.

තරඟයේ වීරයා පන්දු 76 කදී ලකුණු 120ක් රැස් කළ Kedar Jadhav.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.




\"\" \"\"