පළමු ටෙස්ට් තරඟයේ ජය නවසීලන්තයට

Monday, 16 January 2017 - 13:24

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ වෙලින්ටන්හිදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය කඩුළු 07කින් ජය ගැනීමට නවසීලන්ත පිල අද සමත් වුණා.

තරඟයේ කාසිය වාසිය දිනූ නවසිලන්ත නායකයා බංග්ලාදේශයට ආරාධනා කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම සඳහා කඩුළු 08ක් දැවී ලකුණු 595 ලබා සිටියදී ඉනිම අත්හිටුවා නවසිලන්ත කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළ අතර නවසිලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 539ක් රැස් කළා.

පසුව බංග්ලාදේශ කණ්ඩායමට සිය දෙවන ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි.

දෙවන ඉනිම ක්‍රිඩා කරමින් සිටි බංග්ලාදේශ නායක මුෂ්ෆිකර් රහීම් නවසිලන්ත පන්දු යවන ටිම් සවුතිගේ පන්දුවක් හිසේ වැදීමෙන් රෝහල් ගත කෙරුණා.

කෙසේ වෙතත් ලකුණු 216ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය නවසිලන්ත පිතිකරුවන් එම සීමාව පසුකර ගියේ කඩුළු 03ක් පමණක් දැවී තිබියදීයි.

\"\" \"\" \"\" \"\"