බ්‍රැඩ් හොජ්ගේ පිත්තෙන් කඩුලු රකින්නාගේ හිසට දරුණු ප්‍රහාරයක්

Tuesday, 17 January 2017 - 10:09

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%A9%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%A2%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B6%A7+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඕස්ට්‍රේලියාවේ පැවත්වෙන බිග්බෑෂ් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 27වන තරඟය ලෙස ඊයේ පැවති තරඟය ජයගන්නට මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම සමත් වුණා.

තරඟය පැවැත්වුනේ ඇඩිලෙඩ් ඕවල් ක්‍රීඩාංගනයේදී.

මෙම තරඟයේ ඇඩිලෙඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ Brad Hodge පන්දුවට පහර දෙන අවස්ථාවේ සිදුවූ සිදුවීමක් පිළිබදව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.

ඒ ඔහු පන්දුවට පහර දෙන අවස්ථාවේදී ඔහුගේ පිතත් දෑතින් ගිලිහී ගොස් කඩුලු රකින ක්‍රීඩක පීටර් නෙවිල්ගේ හිසේ වැදීම හේතුවෙන්.

වෛද්‍යවරුන් පැමිණ පීටර් නෙවිල් හට ප්‍රතිකාර ලබාදී  පිටියෙන් ඉවත් කරගත් අතර පසුව කඩුල්ල පිටු පස වගකීම භාරගනු ලැබුවේ රෙනෙගේඩ්ස් කණ්ඩායමේ නායක ආරොන් ෆින්ච් විසින්.

එම අවස්ථාව සහ තරඟයේ විශේෂ අවස්ථා පහතින්.