2019 ලෝක කුසලානය දක්වා නායකයා මැතිව්ස්

Friday, 20 January 2017 - 10:48

2019+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A
2019 ලෝක කුසලානය දක්වා කණ්ඩායම් නායකයා ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් කටයුතු කරන බව ක්‍රිකට් ආයතන බලධාරීන් පවසනවා.

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පරාජයට පත්වීමෙන් අනතුරුව කණ්ඩායමට දැඩිව චෝදනා එල්ලවී ඇති මොහොතකයි ක්‍රිකට් බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් මැතිව්ස්ගේ නායකත්වය පිළිබඳ තීරණය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වය පිළිබඳ කථාබහක් සිදුව ඇතැයි පවතින ප්‍රචාර ද ක්‍රිකට් ආයතන ප්‍රධානීන් ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන්.

ඔවුන් අවධාරණය කර ඇත්තේ 2019 වසරේදී එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලානය දක්වා කණ්ඩායම මෙහෙයවීමට දැනට සිටින වඩාත්ම සුදුසු ක්‍රීඩකයා මැතිව්ස් බවයි.

මෙම වගකීම් ඔහු මැනවින් වටහාගෙන කණ්ඩායම ශක්තිමත් කරලීමට කටයුතු කරනු ඇතැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව / පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් සහ කණ්ඩායම් කළමණාකරු එක්ව පසුගියදා පැවති ටෙස්ට් තරගාවලිය පිළිබඳ සමාලෝචනයක් සිදුකර ඇතැයි සඳහන්.

එමෙන්ම අද ආරම්භ වන 20 යි 20 තරගාවලිය මෙන්ම ඉදිරියේදී පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වන කණ්ඩායම් සංචිතය පිළිබඳව ද එහිදී සාකච්ඡා වී ඇති බවයි ක්‍රිකට් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

අද ආරම්භ වන 20 යි 20 තරගාවලියේදී මෙන්ම එක්දින තරගාවලියේදී ද දකුණු අප්‍රිකාවේ තණතිලි ලංකාවට වඩාත් වාසිදායක වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විශ්වාසය පළ කරනවා.